ජාත්‍යන්තර අරමුදලේ නවතම වාර්තාව අනුව ලෝකයේ ප්‍රධානතම ආර්ථික මධ්‍යස්ථානය ලෙස චීනය පත්ව ඇති බවත් චීනය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික සම්බන්ධතාවය ශ්‍රී ලංකාවට වාසිවන අයුරින් වැඩි දියුණු කිරිම තම අරමුණ බවත් චීනයේ නව ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහෙන මහතා පැවසීය.
කොහෙන මහතා මේ බව පැවැසුවේ නව චීන තානාපති ලෙස පත් කිරීමෙන් අනතුරුව මාතලේ රොක් හවුස් හේටලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට ඊයේ (19දා) වන දින එක්වෙමිනි.
“චීනය සහ ශ්‍රී ලංකාව අතර අතීතයේ සිට ආර්ථික, දේශපාලනික, සංස්කෘතික සබඳතාවන් පැවතුණා. පසුගිය යුද සමයේදීත් මෑතකාලයේදීත් එම සබඳතාව කැපී පෙනෙන වර්ධනයක් ඇතිවී තිබෙනවා. කොවිඩ් වසංගතයත් සමග ගෝලීය අර්බුදය හමුවේ චීනයෙන් අප රටට උපරිම සහයෝගය ලබා ගැනිමට කටයුතු කිරිමට බලාපොරොත්තු වෙනවා.
චීනය හා ශ්‍රී ලංකාව අතර පවතින වෙළද ගනුදෙනු වැඩිදියුණු කර ගැනිම අත්‍යවශ්‍යයි. මේවන විට චීනය ඩොලර් බිලිනයන 04ක පමණ භාණ්ඩ නිර්යාත කළත් අප නිර්යාත කරන්නේ ඩොලර් මිලියන 300කට අඩු ප්‍රමාණයක්. දෙරට අතර විශාල වෙළද පරතරයක් තිබෙනවා. එම පරතරය අඩුකර අපට වාසිවන අයුරින් සැලසුම් සකස්කළ යුතුයි.
2019 වසරේදි චීනයෙන් ලෝක සංචාර සඳහා මිලියන 169ක් පමණ ජනතාවක් එක්ව තිබෙනවා. ඒ අතරින් ලංකාවට පැමිණ තිබෙන්නේ 265000කට ආසන්න ප්රමාණ්යක්. අපේ සැලැස්ම චීන සංචාරකයින් වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමයි. සංචාරක කර්මනාන්තයට අමතරව චීන වෙළඳපොළ තුළ ශ්‍රී ලංකා භාණ්ඩ සඳහා හොඳ වෙළඳපොළක් ඇති කිරීමට විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මේ වනවිටත් ඒ සඳහා චීනයේ එකගතාවය ප්‍රකාශ කර තිබීම සතුටට කරුණක්”
මාතලේ රවින්ද්‍ර විරාජ් අබයසිරි