ශ්‍රී ලංකාවේ නාවික හමුදාව වෙනුවෙන් මුඛ ආවරණ 15000ක්, පරීක්ෂණ කට්ටල 200ක්, ආරක්ෂිත කණ්නාඩි ඇතුළු අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් තොගයක් ප්රදානය කිරිමට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය කටයුතු කර තිබේ.
අද දිනයේදී ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වෑන් මහතා විසින් නාවික හමුදාපති පියල් ද සිල්වා මහතා වෙත පරිත්‍යාග කළේය.
වැලිසර නාවික හමුදා කඳවුරේ නාවික සෙබලුන් කිහිප දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වීම පිළිබඳව තානාපති කාර්යාලය කනගාටුව ප්‍රකාශ කරන බවත් ශ්‍රී ලංකාවේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන නාවික හමුදාව සමග චීනය සිටින බවත් නාවික හමුදාවට අවශ්‍ය සහයෝගය ලබාදෙන බවත් තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.