චීනයේ සිනොවැක් රසායනාගාරය විසින් සකසන ලද, සායනික අත්හදා බැලීම්වල අවසන් අදියරේ පවතින කොරෝනාවැක් එන්නත් මාත්‍රා මිලියනයක් නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කළ හැකි සැපයුම් ලීටර් 600ක් බ්‍රසීලයේ සාඕ පවුලෝ වෙත පැමිණ තිබේ.
සාඕ පවුලෝ හි ආණ්ඩුකාර ජොආනෝ ඩෝරියා කියා සිටියේ කොවිඩ්-19 ට එරෙහිව සාඕ පවුලෝ ජනතාවට අවශ්‍ය කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම ජනවාරි මාසයේ ආරම්භ වන බවත්, එය පෙබරවාරි මාසය වනවිට අවසන් කරන බවත්ය.
කෙසේ වෙතත් ෆෙඩරල් රජයේ එන්නත් කිරීමේ සැලැස්ම ගැන තමා සතුටුදායක නැති බවත්, එය මාර්තු මාසයේ ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත් ඩෝරියා පැවසීය. "එන්නත සියලුම බ්‍රසීල ජාතිකයින් සඳහා විය යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශයට තීන්දුවක් හා විචක්ෂණශීලී බවක් සහ දැක්මක් තිබේ නම්, එය සාඕ පවුලෝ සහ රටේ අනෙකුත් ප්‍රාන්තවල බ්‍රසීල ජනතාවට ප්‍රතිශක්තිකරණය ලබාදීමට යොදාගත හැකිවේවි." හෙතෙම වැඩිදුරටත් පැවසීය.
සාඕ පවුලෝ ප්‍රාන්තය, බුටැන්ටන් ආයතනය සමග එක්ව චීනයේ සිනොවැක් විසින් නිෂ්පාදනය කරන කොරෝනාවැක් එන්නත රට තුළ ආනයනය හා නිෂ්පාදනය සඳහා ගිවිසුම්ගතව ඇත.
මේ අතර, තුර්කියේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මෙම මාසය අවසානයේදී සායනික අත්හදා බැලීම්වල අවසන් අදියරේ පවතින චීන කොවිඩ්-19 එන්නත හෙවත්, කොරෝනාවැක් භාවිත කිරීම ආරම්භ කිරීමේ සැලසුමක් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව මෙම එන්නත් මාත්රාවන්ගේ පළමු නැව්ගත කිරීම දෙසැම්බර් 11දායින් පසු තුර්කියට පැමිණෙන බව තුර්කි සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.