චීනයේ ඖෂධ සමාගමක් වන සිනොවාක් හි දහස් ගණනක් සේවකයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට එම සමාගම නිෂ්පාදනය කළ කොවිඩ්-19 එන්නත ලබාදී ඇති බව නිවේදනය කරයි.
සමාගමේ ප්‍රකාශක ලියු පීචෙන්ග් සවුත් චයිනා මෝනිං පෝස්ට් පුවත්පතට සඳහන් කර තිබුණේ, සේවකයින් සහ ඔවුන්ගේ පවුල් 3,000ක් පමණ ස්වේච්ඡාවෙන් මෙම එන්නත ලබාගත් බවයි.
සිනොවාක් බයෝටෙක් විසින් සංවර්ධනය කරන ලද කොරෝනාවැක් එන්නත මේ වන විට සායනික අත්හදා බැලීම් තුනකට භාජනය වෙමින් පවතී.
මේ අතර තමන්ගේම එන්නත නිපදවන චයිනා නැෂනල් බයෝටෙක් සමූහයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙකු වන ෂැං යිනන්ද කියා සිටියේ තම සමාගමේ එන්නත තමන්ද ලබාගෙන ඇති බවයි.
"එන්නත සතුන් ඇසුරෙන් සිදුකළ පරීක්ෂාවෙන් පසුව, සමාගමේ නිෂ්පාදනය ආරක්ෂිත හා ඵලදායී දැයි බැලීමට උත්සාහ කිරීමට මා කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා. මා වැනි සේවකයින් 150ක් එන්නත ලබාගෙන තිබෙනවා." එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන් 35,000ක් අතරද මෙම එන්නත පරීක්ෂාවට ලක් කෙරෙන බව කියයි.
වෛරසය මුලින්ම ආරම්භ වුවත්, මුලින්ම වෛරසයෙන් මිදුණු රාජ්‍යයක් ලෙස චීනය වෛරසයට එරෙහි එන්නත් සටනේද පෙරමුණ ගනිමින් සිටින බව සඳහන් වෙයි.