චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ගෙ මහතා මහතා සිය දෙදින ශ්‍රී ලංකා සංචාරය නිමා කරමින් අද (29දා) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.
ඔහු සමග දූත පිරිස ලෙස 37 දෙනෙකු ද පැමිණ සිටියහ. මෙම පිරිස ඔවුන් පැමිණි චීන ගුවන් හමුදාවට අයත් බී.- 4026 දරන විශේෂ ගුවන් යානයෙන් 04/29 දින උදෑසන 8.55 ට චීනයේ බෙයිජිං බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ.
මෙම චීන දූත පිරිස 04/27 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අතර , ඉන්පසුව ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා පවත්වා තිබුණි.