ශ්‍රී ලංකාවට පැමිණි චීන ආරක්ෂක ඇමති ගමන් කළ රථපෙළට බාධා කරමින් නීති විරෝධී රැස්වීමක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
චීන ආරක්ෂක ඇමතිවරයා විශේෂ රථ පෙළපළ කින් කොළඹට පැමිණෙමින් සිටියදී බොරැල්ල මංසන්ධියේදී එම රථ පෙළට ඉඩ දීම වෙනුවෙන් නවත්වා තිබූ වාහන වල රියදුරන් උසිගන්වමින් නීත විරෝධී රැස්වීමක සාමාජිකයෙක් වීම යන චෝදනා යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
එසේම පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාද ඔහුට එල්ල වී තිබේ.
සැකකරු බොරැල්ල පදිංචිකරුවෙක් වන අතර වසර 10ක කාලයක් ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිට ඇත.