හොර රහසේ ඝාතනය කර හාලිඇළ කන්දේගෙදර “ සාර්නියා වත්තේ මහතැන්න කොටසේ කම්කරු නිවාසයක් ඉදිරිපිට එළවළු කොටුවක වළදමා ඇතැයි කියන 9 හැවිරිදි ගැහැනූ ළමයෙකු මෘත දේහය සොයා හාලිඇළ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ .
මේ සම්බන්ධයෙන් සැකපිට එම දැරියගේ 28 හැවිරිදි මව සහ ඇගේ අනියම් සැමියා බව කියන 31 හැවිරිදි පුද්ගලයෙක් ඊයේ(6) සවස අත්අඩංගුවට ගත් බව හාලිඇළ පොලීසිය පවසයි .
වවුනියාවේ සෙට්ටිකුලම් පදිංචි සැකකාරිය සැමියාගෙන් වෙන්වීමෙන් පසු මෙම සැකකරු හා කන්දෙගෙදර සාර්නියා වත්තට පැමිණ ජීවත්වී තිබේ .
ඝාතනයට ලක්වු මහේන්ද්රන් ඩිලානි නමැති මෙම දැරිය වයස අවුරුදු 4 දී සැකකාරිය විසින් තමාට භාරදී ඇය ගෘහ සේවිකා රැකියාව සඳහා විදේශ ගත වූ බවත් ,
වසර 5කින් නැවත පැමිණ තම භාරයේ සිටි දියණිය රැගෙන ගිය බවත් මරණකාරියගේ සහෝදරියක් විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ .
දින 3 කට තමා මෙම නිවසට පැමිණි අවස්ථාවේ දියණිය නුදුටු නිසා විමසූ විට ඇය නුවරඑලියේ කොන්වන්ට් එකකට ඇතුලත් කරඇති බ ව පැවසූ නමුත් විපරම් කිරිමේදි ඥතියෙක් විසින් තමාට මේ අපරාධය පිළිබදව අනාවරණය කිරිමෙන් පසු පොලිසියට පැමිණිලි කළ බවද ඇය සදහන් කර තිබේ .
මීට වසරකට පෙර මෙම ඝාතනය සිදුකර ඇති බව විමර්ශන වලදී අනාවරණය වු බවද පොලීසිය සඳහන් ක රයි.
විමර්ශන සිදුකරන හාලිඇළ පොලිසිය දැරියගේ මිණිය වලදමා ඇතැයි සැක කරන ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර මහේස්ත්රාත් වරයා වෙත කරුණු වාර්තා කර තිබේ .
ලබන බදාදා බදුල්ල මහේස්ත්රාත්වරයා ඉදරියේ මිණිය ගොඩගැනීමට කටයුතු කරන බවද පොලීසිය සඳහන් කළේය .
බදුල්ලේ - පාලිත ආරියවංශ