ගෞරවාන්විත ලෙස ඉවත්වෙන බව ජනපති කියලා තිබෙනවා - මහින්ද
ගෞරවාන්විත ලෙස තමන් ඉවත්වන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇති බවත් ඔහුගේ අනුගාමිකයන් වෙනත් ප්‍රකාශ කරන බවත් හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
ඊයේ (20දා) පස්වරුවේ බෙල්ලන්විල විහාරස්ථානයේ පැවැති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
එසේම අලුත් මුස්ලිම් නායකත්වයක් පක්ෂය තුළ ගොඩනගන බවත් ඔහු සඳහන් කළේය.
“එතුමා (ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා) කියලා තිබෙනවා මම එන්නේ එක්වරයි. එදා වචනයක් කිව්වනේ. මගේ කාර්ය භාරය ඉටුකරලා මම ඉවත්වෙනවා. ගෞරවාන්විත ලෙස ඉවත්වෙනවා කියලා. එතුමා කියලා නෑ (නැවත තරග කරනවා කියලා) ගෝලයේ තමයි නොයෙක් දේවල් කියන්නේ.”

popular news
-
shan Saturday, 22 June 2019 11:42 AM
සිරිසේන මහතාට ජනපති දුරයෙන් ගෞරවාන්විත ලෙස දුරයෙන් ඉවත් වන්න හෝ සබැ ජන නායකයෙක් ලෙස අනාගතයේ ජනතා ගෞරවය ලබා ගැනීමට ඇති ඉඩ හා හැකියාව අදවන විට සහමුලින්ම විනාස වී හමාරය. දැන් ඔහුව සියලු ජන කොටස් නීතියෙන් නොහැකි උනත් මුළු හදින්ම පයින්ගසා එලියට විසිකර හමාරය. කාගේ හෝ නිවසක බලන් පදිංචිව ඉන්නා කෙනෙක් හිමිකරු හෝ පොලිසිය මගින් කනෙන් ඇද පාරේ කානුවකට අදදමන්නාසේ මොහුද තව නොබෝ දිනකින් ශ්‍රිලංකාවේ අපකීර්තිමත් නායකයා ලෙස පාරට ඇද දමන දිනය ඉතා ආසන්නය. එදාට මහින්දගෙන් පසු නාමල් මෙන්ම ප්‍රේමදසගෙන් පසු සජ්ත් සේම සිරිසේනගෙන් පසු දහමට දේසපාලන පිටිය විවුර්ත නොවන බව හොදින් මතක තබා ගන්න අප එදා හිතවතු අමනාප කරගනිමින් රටේ සෞභ්ග්ය උදෙසා යැයි කියා පත් කල මිනිසා රටේ සිවිල් ජීවිත 350 බිලිගන්නා තෙක් බලා ඉන්නට තරම් අමනයෙක් වීම ගැන අප දහස් වාරයක් මහින්දගෙන් සමාව අයදිමි එසේම තම පරපුර දේසපාලන පිටියේ යලිත් රජකර දනය හා රට විනාස නොකරනේනම් අන් අයෙක් නොව යලිත් මහින්ද ජනපති වීම කැමතෙමු
Reply : 4 7
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

