ගුවන් මගින් එවු රු.කෝටි 4ක් වටිනා මත්ද්‍රව්‍ය
කුඩා ළමුන් සදහා භාවිතා කරන කුෂන් පුටුවක් ලෙස ප්‍රකාශ කරමින් රුපියල් කෝටි 04 ක් වටිනා " කුෂ් " නැමැති ගංජා තොගයක් , ඇමෙරිකාවේ සිට ශ්‍රී ලංකාවේ ව්‍යාජ ලිපිනයන් වෙත එවා තිබියදී , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ දින සවස , එම ඇසුරුම විවෘත කර අත්අඩංගුවට ගෙන තිබේ .
රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතාගේ ඇරයුමෙන් , මෙම මත්ද්‍රව්‍ය තොගය මාධ්‍ය හමුවේ ප්‍රදර්ශනය කිරීම කටුනායක , සීදුව , කළම්බු කූරියර් ආයතනයේ දී සිදු කෙරුණි .
කුඩා ළමුන් සදහා භාවිතා කරන කුෂන් පුටුවක් ලෙස ප්‍රකාශ කරමින් මෙම ගංජා තොගය විශාල පෙට්ටියක බහා , පොල්ගස්ඕවිට ප්‍රදේශයේ ව්‍යාජ ලලිපිනයකට මීට සතියකට පමණ පෙර , මෙම කූරියර් ආයතනය වෙත ඇමෙරිකාවේ සිට එවා තිබුණි .
මීට අමතරව ගංජා ඇට අඩංගු ගුවන් තැපැල් පාර්සල් 04 ක් ද නෙදර්ලන්තයේ සිට මෙම කූරියර් ආයතනයට එවා තිබුණි .
පිළියන්දල , මාතර , ඉංගිරිය , මිනුවන්ගොඩ යන ලිපිනයන් වෙත මෙම ගුවන් තැපැල් පාර්සල් එවා තිබුණි.
එම ලිපිනයන්ගේගේ සිට මෙම පාර්සල් භාර ගැනීමට කිසිවෙකුත් නොපැමිණි නිසා , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මෙම ලිපිනයන් පිළිබඳව සොයා බලා තිබේ .
එහිදී මෙම පාර්සල් වල සදහන් ලිපිනයන් සියල්ල ව්‍යාජ ඒවා බව සනාථ වීමෙන් පසුව , මෙසේ එම පාර්සල් විවෘත කර පරීක්ෂා කර බැලීමට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් තීරණය කර තිබුණි .
ඒ අනුව මෙම කුෂන් පුටුව බහා තිබූ පෙට්ටිය විවෘත කිරීම සිදු වූ අතර , ඒ තුළ කුෂන් පුටුවක් නොතිබුණි .
ඒ වෙනුවට රිජිෆෝම් ඇට තොගයක් පුරවා තිබූ අතර , එම පෙට්ටිය තුළ වූ කුඩා , කළු පැහැති බෑගයක් තුළ රුපියල් කෝටි 04 ක් වටිනා , කිලෝ ග්‍රෑම් 03 යි ග්‍රෑම් 900 ක් බර මෙම කුෂ් නැමැති ගංජා තොගය තිබී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට පියවර ගැනීම සිදු විය .
මෙම අතඅඩංගුවට ගැනීම මෙම කූරියර් ආයතනයේ දෛනික රාජකාරී වල නියුතුව සිටින රේගු සහ තක්සේරු නිලධාරීන් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදු කර තිබේ .
popular news
-
Kumar Saturday, 17 July 2021 07:48 PM
Why is nobody notifying the DEA in the US. In the US. every location has video cameras and it is easy to detect the culprits if it is from the US. Looks like Sri Lanka's drug elimination effort is limited to news and talk?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

