ගුරු විදුහල්පති වර්ජනය සදුදා සිට දැඩි වෙයි
ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ඇතුළු ඉල්ලීම්වලට සාධාරණ විසඳුමක් නොලැබුණහොත් දැනට සිදු කරන වෘත්තිය ක්‍රියාමාර්ග ලබන සඳුදායින් පසු දැඩි කරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පවසයි.
අගමැතිවරයා සමග අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවෙන් පසු ගුරු විදුහල්පති ගැටලූවලට විසඳුම් ලබාදෙන බව මාධ්‍යයට අගමැති කාර්යාලය විසින් ප්‍රකාශ කර තිබුණත් එවැනි විසඳුමක් දීමක් ගැන පැවැති සාකච්ඡාවේදී එකඟ නොවූ බවද ඒ මහතා පැවසීය.
ගුරු විදුහල්පති ගැටලූ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය අනු කමිටුවක් පත් කර ඇතැයි ද ඔවුන් සමග සාකච්ඡා කරන ලෙස වෘත්තීය සමිතිවලින් ඉල්ලා ඇතත් එවැනි කමිටුවක් පිළිබඳව වෘත්තීය සමිති කිසිවක් නොදන්නා බව ද ඒ මහතා කීය.
අඩුම තරමින් එම කමිටුවේ සභාපති හෝ සාමාජිකයන්වත් නොදන්නා බැවින් කවුරුන් සමග සාකච්ඡා කරන්න ද යන්න පැහැදිලි නැතැයි ද ඒ මහතා පැවසීය.
popular news
-
Suranjan Thursday, 29 July 2021 06:01 PM
මේක මහ කාලකණනී වැඩක් මේ වෙලාවේ කොරොනාවෙන් ගොඩයන්න යි හැමෝම සහයෝගය දෙන්න ඕන
Reply : 0 0
Demuni de Friday, 30 July 2021 03:37 AM
We don't trust govt!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

