මේ වන විට පවතින ගෑස් හිගය උපරිම වශයෙන් තවත් සති තුනක පමණ කාලයක් පැවැතිය හැකි බව ලිට්රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසයි.
ඉදිරි දින කිහිපය තුළ ගෑස් සිලින්ඩර් ඒකක 180000ක් පමණ වෙළඳපොළට නිකුත් කරන බවත් ඔහු පැවැසීය.
"දෛනිකව සිලින්ඩර් ඒකක 40000ක් පමණ නිකුත් කිරීම සිදුවෙනවා. පසුගිය දින කිහිපය තුළ අපි ගෑස් සිලින්ඩර් ඒ්කක ලක්ෂ 3 හමාරක් පමණ නිකුත් කළා. ඉදිරියේදී ගෑස් සිලින්ඩර් ඒකක 180000ක් පමණ නිකුත් වීම සිදුවෙනවා.
අපි බලාපොරොත්තුවෙනවා මේ ක්‍රියාදාමය තුළ රටේ තියෙන මේ ගෑස් හිගය ඉතාමත් ඉක්මනින් සමනයකට පත්වීමට යම් පිටුවහලක් වේවි කියා.
දවස් 10කට පමණ ප්‍රමාණවත් ගෑස් අපි සංචිත ගත කරලා තිබුණා. අපේ නියෝජිතයන් හරහා. මේ සියල්ල අපිට නැවත කැඳවා ගැනීමට සිදුවුණා. උත්සව සමයක මේ වගේ නැවත සංචිත කැඳවා ගැනීමක් සිදුවුණාම ඒ් තුළ වෙළඳපොලේ විශාල පීඩනයක් ඇතිවෙනවා.
පීඩනය වගේම පසුගිය සති කිහිපය තුළ ජනතාව ඉතාම අඩුවෙන් ගෑස් මිලදී ගත්තේ. නමුත් ඒකවරම ගෑස් පිළිබඳ අවශ්‍යතාව වැඩි වෙලා තිබෙනවා.
අලුතෙන් හඳුන්වාදුන්න නිෂ්පාදන ක්‍රියාවලිත් ඒක්ක ලි ට්රෝ සමාගම වශයෙන් අපි 100%ක්ම ප්රමිතිකරණයෙන් යුත් ගෑස් නිෂ්පාදනය කරනවා.
අපි බලාපොරොත්තු වෙන්නේ නෑ ප්‍රමිතය අඩු කරන්න. ඒම නිසා ඒ් ක්‍රියාවලියට කාලයක් ගත වෙනවා. මේ නිසා ජනතාවට අවශ්‍යකරන ගෑස් ප්‍රමාණය දිගටම වෙළඳපොළට නිකුත් කරන්න උත්සාහ කළත් වෙළඳපොළ අවශ්‍යතාවට ප්‍රමාණවත් සැපයුමක් නැති නිසා මේ වන විට අත්දකිමින් පවතිනවා.
ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ ක්‍රියාවලියට යම් කාලයක් දෙන්න මේ කාලය තුළ අපිට පුවවන් ඉතාමත් හොඳ මට්ටමේ ගෑස් සිලින්ඩරයක් නිවසටම ලබා දෙන්න.
උපරිම වුණොත් මේ තත්ත්වය තවත් සති තුනක් පමණ පවතින්න පුළුවන්. ගරු අධිකරණය හා ප්‍රමිතිකරණ ආයතන විසින් ලබාදුන් නිර්දේශ අනුව අප කටයුතු කරනවා"