ගෑස් සිලින්ඩර් පුපුරා යාම පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට වර්ථමානයේ හැකියාවක් නොමැති බවත් ප්‍රොපේන් සහ බියුට්රෙන් ප්‍රතිශත වැඩි වීම පීඩනයට බලපාන බවට මතයක් මේ පිළිබඳ පර්යේෂණ සිදු කරන මොරටුව විශ්ව විද්‍යාලයට තිබෙන බවත් සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
කෙසේ වෙතත් මෙම ගැටලුව සම්බන්දයෙන් ගත යුතු ක්ෂණිකව , මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන ක්‍රියාමාර්ග පිළිබඳ වාර්ථාවක් මෙම සතිය තුලදී අනිවාර්යෙන් ලබා දෙන බවට මොරටුව විශ්ව විද්‍යාලය සඳහන් කළ බව අද (29දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් හෙතෙම සඳහන් කළේය.