ග්‍රාමීය ප්‍රදේශ ආශ්‍රිතව කෝවිඩ් රෝගීන් වාර්තාවීම මේ වනවිට ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (අධ්‍යාපන පුහුණු හා පර්යේෂණ), විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේය.
හෙතෙම පෙන්වා දුන්නේ, පෙර පැවති තත්ත්වයන්හිදී නගරාශ්‍රිතව එය දක්නට ලද බවයි.
කෙසේ වුවද අවශ්‍ය අවස්ථාවේදී රට වසා නොදැමූ බවට පසුගිය කාලයේදී ජනතාව චෝදනා කළ බවත්, ඒ අනුව එවැනි තත්ත්වයක් මෙවර උද්ගත කර නොගැනීමට සියලු දෙනා වගකීමෙන් කටයුතු කළ යුතු වන බවත් නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේය.
හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේ, නිවැරදි සෞඛ්යමාර්ගෝපදේශ අනුගමනය කරමින් උත්සව සමයේ අවශ්‍ය ක්‍රියාකාරකම්වල නිරත වීමට ජනතාව කටයුතු කළ යුතුවන බවයි.