ග්‍රයින්ඩර් මැෂිමක තලයක් ගැලවී උදරයේ වැදීමෙන් බරපතල ලෙස තුවාල ලැබූ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මින්නේරිය, සිරිපුර ප්‍ර දේශයේ වැඩබිමක ගයින්ඩර් මැෂිමක් උපයෝගී කර ගනිමින් ෆයිබර් වැඩක යෙදී සිටියදී එම මැෂිමේ තලය කමිසයේ පැටලී මෙම අනතුර සිදුව තිබේ.
බරපතල ලෙස තුවාල ලැබූ 74 හැවැරිදි මෙම පුද්ගලයා පොලොන්නරුව රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
නාවලපිටියේ පදිංචි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති අතර මහේස්ත්‍රාත් පරික්ෂණය හා මරණ පරීක්ෂණය අද (24දා) සිදුකිරිමට නියමිතය.