දැනට කාර්යාලවලට හෝ සේවා ස්ථානවලට නොගොස් පවුලේ අය නිවසේ වෙන දිනවලට වඩා රැඳී සිටීම නිසා ගෘහස්ථ විදුලිබලය භාවිතය ඉහළ ගොස් ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි.
දවස පුරා විදුලි පංකා ක්‍රියාත්මක කිරීම, ඇතැම් නිවාසවල වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම මෙන්ම පරිගනක ක්‍රියාත්මක කර තිබීම වැනි විදුලි බලය භාවිතය නිසා අන් මාසවලට වඩා මාර්තු හා අප්‍රේල් මාස වල ගෘහස්ත විදුලි භාවිතය ඉහළ ගොස් තිබිය හැකි බවත් එමනි සා ඒක් නිවසක භාවිතා කරන විදුලි ඒ්කක ප්‍රමාණය මින් පෙර මාසවලට වඩා ඉහළ ගොස් ඇති බව ඒම පාරිභොගිකයින්ද දන්නා කරුණක් බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි.