මස්කෙළිය, සාමිමලේ, ගවරවිල තේ වතුයායේ පළමුවැනි කොටසේ තේ දලු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට ඊයේ (15දා) උදෑසන කුඩා හඳුන්දිවි පැටවුන් තිදෙනෙකු හමුව ඇතැයි මස්කෙළිය පොලීසිය පවසයි.
තේ වත්තේ කාණුවක සිටියදී වතු කම්කරු කාන්තාවන් විසින් හඳුන් දිවි පැටවුන් තිදෙනා සොය ගෙන ඇති අතර, ඔවුන් එම පැටවුන් තේ වතුයායේ වෛද්‍යවරයා වෙත භාරදී ඇත.
දිවි පැටවුන් තිදෙනා නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට වෙත භාර දීමට පියවර ගන්නා බවට මස්කෙළිය පොලස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ටිරෝන් රත්නායක මහතා සඳහන් කළේය.
මස්කෙළිය - ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක