කරුවලගස්වැව මහ මැදවච්චිය ප්‍රදේශයේ ගොවිපලක් පවත්වාගෙන් යමින් සිටියදී අභිරහස් අයුරින් මරණයට පත්වි සිටි චීන ජාතිකයාගේ සිරුර පුත්තලම මුලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාර වරයා වෙත පශ්චාත් මරණ පරික්ෂණය සඳහා යොමු කරන ලෙසට පුත්තලම වැඩ බලන මහෙස්ත්‍රාත් මොහොමඩ් රාෆි මහතා අද (3දා) කරුවලගස්වැව පොලීසියට නියෝග කළේය.
මෙසේ මරණයට පත්ව ඇත්තේ 65 හැවිරිදි චින ජාතිකයෙකි. මොහු 1992 වසරේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ශ්‍රී ලාංකික පුරවැසි භාවය 2015 වසරේ ලබා ගෙන තිබේ.
ගොවිපලේ වෙනත් කිසිඳු චීන ජාතිකයකු නොසිටි ඇති අතර බඑහි රාජකාරී සඳහා කරුවලගස්වැව මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෛනික කුලි පදනමට සේවය කර ඇති බව කියයි.
මෙම චීන ජාතිකයා චීන යුධ හමුදාවේ සේවය කර ඇති බවත් මොහුගේ බිරිඳ හා එකම පුතු වසර කිපයකට පෙර මෙම ඉඩමට පැමිණ ඇති නමුත් මෑතක පැමිණ ඇති බව කියයි.