ජැමෙයිකාවේ සිට පෞද්ගලික ත්‍යාග පාර්සලයක් ලෙස ගුවන් තැපැල් ඔස්සේ ශ්‍රී ලංකාවට එවා තිබූ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සීදුව ප්‍රදේශයේ පිහිටි කළම්බු කාර්ගෝ එක්ස්ප්‍රස් නැමැති පෞද්ගලික පාර්සල් බෙදාහැරීම සිදු කරන ආයතනයක් වෙත ලැබී තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අදදින සවස අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා පැවසීය .
මෙම පාර්සලය මෙයට සතියකට පමණ පෙර ගුවන් තැපැල් ඔස්සේ මෙම පෞද්ගලික පාර්සල් බෙදාහැරීමේ ආයතනය වෙත ලැබී තිබේ.
මේ පිළිබඳව සැක සිතූ රේගු නිලධාරීන් , මෙම පාර්සලයේ අයිතිකරු ලෙස සදහන් කොළඹ , නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකු කැදවා ඔහු ඉදිරිපිට මෙම පාර්සලය විවෘත කර තිබේ .
එහිදී මෙම පාර්සලය තුළ රුපියල් ලක්ෂ 25 ක් වටිනා කොකේන් ග්රැම් 95 ක් තිබී සොයා ගත් අතර , පසුව මෙම පාර්සලය භාර ගැනීමට පැමිණි පුද්ගලයා ද සමගින් මෙම කොකේන් මත්ද්‍රව්‍ය තොගය ද , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබේ .
මෙම පාර්සලය තුළ වූ කාඩ්බෝඩ් පෙට්ටියක් තුළ ඉතා සූක්ෂම අන්දමින් මෙම කොරෝනා තොගය අසුරා , සගවා තිබුණි .
රේගුව විසින් අත් අඩංගුවට ගෙන ඇති මෙම පාර්සලයේ හිම්කරු සංචාරක මාර්ගෝපදේශකයෙකි .
රේගුව විසින් වසර දෙකක පමණ කාළයකට පසුව මෙම කොකේන් මත්ද්‍රව්‍ය තොගය මෙසේ අත් අඩංගුවට ගෙන තිබේ .
මෙසේ අත්අඩංගුවට ගත් කොකේන් තොගය සහ එය භාර ගැනීමට පැමිණි කොළඹ , නාරාහේන්පිට ප්‍රදේශයේ පුද්ගලයා ද වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාර දී තිබේ .