රට තුළ දැඩි සංචරණ සීමා පැනවුව ද ගුවන්තොටුපළ වසා දැමීමේ සුදානමක් තවමත් නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ගුවන්තොටුපළ වසා දැමුවහොත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට මෙරටට පැමිණීමට ඇති ඉඩකඩ අහිමිවිය හැකි බැවින් මෙම තීරණය නොගන්නා බව පවසන ඇමතිවරයා අවධාරණය කරන්නේ සෞඛ්‍ය නිර්දේශ අනුව ගුවන්තොටුපළ කටයුතු තවදුරටත් සිදු කෙරෙන බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් අත්තනගල්ල වතුපිටිවල රෝහලේ ඉදිකළ තාවකාලික කොවිඩ් වාට්ටුව සෞඛ්‍ය අංශ වෙත භාරදිම නිමිත්තෙන් ඊයේ (12) එම රෝහල් පරිශ්‍ර යේ දී පැවති උත්සවයෙන් පසු මාධ්‍ය වේදීන් ඇසු ප්‍රශ්නවලට උත්තර දෙමින් ඇමතිවරයා මේ බව කීවේය.
“අද ඇතැම් රටවල් සංචරණය අත්හිටුවලා තියෙනවා. ලාංකාවෙන් පිට රටවලට යන්න බැරි තහනම් නියෝග පනවලා තියෙනවා. අපිට කටයුතු කරන්න වෙලා තියෙන්නේ ඒ අනුවයි. කුවේට්, ඩුබායි වගේ රටවල් ලංකාවේ ඉදන් විතරක්නෙමෙයි ආසියාවේ රටවල් කීපයක් එක්ක ගුවන් ගමන් නතර කරලා. අපි හැමවිටම කටයුතු කරන්නේ සෞඛ්‍ය නිර්දේශ අනුව. ඉදිරියටත් එහි වෙනසක් නෑ. සෞඛ්‍ය අංශ අපවෙත ලබාදෙන උපදෙස් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා.
මේ වන විට ශ්‍රී ලංකාවට ගුවන් මගින් එන කෙනෙක් දින 14 ක් නිරෝධායනය විය යුතුයි. විදෙස්ගත ශ්‍රමිකයන් වගේම රට තුළ සිටින ජනතාව පිළිබදවත් අපට වගකීමක් තියෙනවා. ඒ නිසා වගකීමක් ඇති රජයක් ලෙස අපි කිසිසේත් සෞඛ්‍ය නිර්දේශ නොසලකා හරින්නේ නෑ.”