ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් සෙස්නා 150 ගුවන් යානයක් හදිසි ගොඩ බැස්සවීම්ක සිදුකර ඇති බව ගුවන් හමුදාව නිවේදනය කරයි.
ගුවන් හමුදා චීන වරාය කඳවුරේ අංක 01 පියාසර පුහුණු පක්ෂාංගනයට අයත් ගුවන් නියමුවන්ගේ මූලික පුහුණුව සඳහා යොදාගනු ලබන සෙස්නා 150 ගුවන් යානයක් අද (07දා) කාර්මික දෝෂයක් හේතුවෙන් නිලාවේලි වෙරළට උතුරින් පිහිටි ඉරක්කන්ඩි ප්‍ර දේශයේ මෙසේ හදිසි ගොඩ බෑමක් සිදුකර තිබේ.
10.22ට පමණ චීන වරාය කඳවුරෙන් ගුවන් ගත වී ඇති යානය පෙරවරු 10.48ට පමණ මෙසේ හදිසි ගොඩ බෑමක් සිදුකර තිබේ.
යානය හා ගුවන් නියමුවන් දෙදෙනා නිරුපද්‍රිත බවත් ගුවන් නියමුවන්ග් දක්ෂතාවය මත ඇති වීමට ගිය අනතුරක් වළක්වාගැනීමට හැකිවූ බවත් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා පවසයි.