වැලිපැන්න රාමියා පාර ප්‍රදේශයේ දී මුස්ලිම් ගම්මානයක අද (29) පෙරවරු 10ට පමණ ගුවන් යානා නාශක උණ්ඩ 5ක් සහ ඩෙටනේටරයක් බස්නාහිර පළාත් බුද්ධි අංශ පොලිස් සැරයන්වරයෙකුට ලද තොරතුරක් මත සොයාගෙන ඇතැයි කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි නිල්මිණි ආරියරත්න මහතා පැවසීය.
මෙම ගුවන් යානා නාශක උණ්ඩ අඟල් අටක් දිග(ෆයු සීරො) වර්ගයේ ඒවා බව පොලීසිය පවසයි.
කිසියම් අයෙකු මේවා ගෙනැවිත් දමා ඇත්දැයි පරීක්ෂණ සිදුකරන අතර අළුත්ගම පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් මගින් පරීක්ෂාකොට ඩෙටනේටරය එය නිෂ්ක්‍රීය කිරීමට කටයුතු කර ඇති බව කියයි.
කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා, කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න, සහකාර පොලිස් අධිකාරි සංජය ඉරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි පරික්ෂණ සිදු කෙරේ.