ගුවන් හමුදා සෞඛ්‍ය කළමණාකරණ මධ්‍යස්ථානයේ ගෘහස්ථ ක්‍රීඩාගාරය ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනයට වෙන් කිරීම සම්බන්ධව සිදුව ඇති වංචා හා අක්‍රමිකතා සම්බන්ධය පරීක්ෂණයක් පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අදාළ පාර්ශ්ව වෙත උපදෙස් දුන් බව ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කරයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදා සෞඛ්‍ය කළමණාකරණ මධ්‍යස්ථානයේ ගෘහස්ථ ක්‍රීඩාගාරය වෙන් කිරීම සම්බන්ධව ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ ලේකම්ගේ ව්‍යාජ අත්සනින් සහ ගුවන් හමුදා ව්‍යාජ ශීර්ෂය යටතේ ගෙවීම් කරන ලෙස ඉල්ලා තිබුණි.