අලුත උපන් බිළින්දෙකු ගෙවත්තේ වල දමා තිබියදි හැටන් දිසා අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් එස්.රාම්මුර්ති මහතා සහ හැටන් දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කේෂාන් මධුසංඛ මහතා ඉදිරියේදි හැටන් පොලිසිය විසින් අද (22) දින පස්වරුවේ ගොඩ ගැණින.
ගොඩගැණුනු බිලිදු මල සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා හැටන් පොලීසියට නියෝග කළහ.
හැටන් පොලිස් වසමට අයත් දික්ඔය තේ වත්තේ පදිංචි සැකකාර මව දෙදරු මවක් වන අතර ඇයගේ සැමියාගෙන් වෙන් වි සිටින සැකකාර මව ඉකුත් 7 දින බිලින්දා ප්‍රසුත කර ඇති අතර පසුව සැකකාර මව බිලින්දාව ගෙවත්තේ වල දමා ඇත.
එම වතුයායේ වතු කම්කරුවන් විසින් මේ පිලිබදව 119 හදිසි පොලිස් ඇමතුම් අංශය වෙත කරන ලද දැනුම් දිමක් මත හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් එම ස්ථානයට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා සැකකාර මව අත්අඩංගුවට ගෙන මවගෙන් ලද තොරතුරු මත බිලිදු මල සිරුර වල දමා තිබු ස්ථානය හදුනාගෙන ඇත.
සැකකාර කාන්තාවට වයස අවු 20 පිරිමි දරුවෙකු සහ අවු 16 ගැහැණු ළමයෙකුද සිටින බවත් , දරු ප්‍රසුතිය සිදු වන අවස්ථාවේ එම දරුවන් දෙදෙනා නිවසේ නොසිටි බවටද තොරතුරු අනාවරණය වි ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.