ජුලි මස 01 දා සිට 13 දා රාත්‍රී 11.59 දක්වා ගල්ෆ් කලාපයේ රටවලින් ශ්‍රී ලංකාවට පැමිණීම තහනම් කර තිබේ.
ඒ අනුව බහරේනය, සෞදි අරාබිය, එක්සත් අරාබි එමර් රාජ්‍යය, කටාරය, ඕමානය හා කුවේට් යන රටවලින් ශ්‍රී ලංකාවට පැමිණීමට තහනම් කර තිබේ.
එම රටවල සිටි පැමිණි ලාංකිකයන් වැඩි පිරිසකට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
මෙම තීරණය හේතුවෙන් එම කලාපයේ සේවය සඳහා ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට බලපෑම් එල්ල වී තිබේ.