ගලහ රෝහලේ වෛද්‍යවරයාට පහරදුන් සියලුම දෙනා ඉදිරි පැය 48ක් තුළ අත්අඩංගුවට ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
පහරදුන් පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක වනතෙක් ගලහ ප්‍රාදේශීය රෝහලේ සේවය කළ උපාධිධාරී එකම වෛද්‍යවරයා සේවයෙන් ඉවත් කරගත් බවද එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා සඳහන් කළේය.
කුඩා දරුවෙකුට ප්‍රතිකාර ලබාදෙමින් සිටි වෛද්‍යවරයාට පිරිසක් විසින් පහරදුන් බවත්, මෙම පහරදීම නිසා වෛද්‍යවරයාට නිසි ලෙස රාජකාරී කිරීමට නොහැකි වී තිබෙන බවත් හෙතෙම මෙහිදී සඳහන් කළේය.
අදාළ දරුවා මේ වන විට මියගොස් තිබෙන බවත්, මේ නිසා වහාම ඒ පිළිබඳවද පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා පවසා සිටියේය.