ගාල්ල දිස්ත්රික්කයේ ඉමදූව දෙල්ලව සහ හියාරේ ප්රදේශයන්ට අද (22දා) අළුයම් කාලයේ ඇදැහැලුණ අධික වර්ෂාවත් සමග මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා එම මාර්ගයන්හි ගමනාගමනය ඇණහිට තිබේ.
එම ප්රදේශයන්ට මිලිමීටර් සියය ඉක්මවූ වර්ෂාපතනයක් ලැබී තිබේ. මෙම වර්ෂා තත්ත්වයත් සමග ඉමදුව යක්කලමුල්ල මාර්ගය පොල්පගොඩ ප්රදේශයෙන් ජලායෙන් යටවීම නිසා රථවාහන ගමනාගමනය මුලුමනින්ම ඇණහිට තිබුනි.
එසේම බෝගහගොඩ හියාරේ මාර්ගය ඳඬුව ප්රදේශයේ ජලයෙන් යටවීම නිසා එම මාර්ගයේද රථවාහන ගමනාගමනය මුලුමනින්ම ඇණහිට තිබෙනු දැක ගත හැකි විය.
ජිනේෂ් නානායක්කාර