ගාල්ල කළුවැල්ල ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයක නේවාසිකයින් 04 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය කේ.එච්.ජි ජවරත්න මහතා පවසයි.
මෙකි වැඩිහිටි නිවාසයේ නේවාසිකයින් සදහා සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයේ දි ඉන් සිවු දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි තිබුණි.
වැඩිහිටි නිවාසයේ සිටි නේවාසික කාන්තාවක් දියවැඩියා රෝගි තත්වයක් හේතුවෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කරණු ලැබිය. රෝහලේ දි කළ පි.සි ආර් පරික්ෂණයේ දි ඇයට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති නිසා වැඩිහිටි නිවාසයේ සිටින නේවාසිකයින් 53 දෙනා ක්ෂණික ප්රතිදේශය පරික්ෂණයට ලක් කරණු ලැබිය.
මේ පිළිබද දකුණු පළාත් පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස් මහෙෂ් කරුණානායක මහතාගෙන් අප කළ විමසුමකදි මෙසේ කිවේය.
වැඩිහිටි හා ළමා නිවාස සදහා දාන භාරගන්න එපා කියලා මම චක්‍රලේඛනයක් නිකුත් කරලා තියෙනවා.මෙම වැඩිහිටි නිවාසයේ අය පිටතින් ආහාර ද්‍රව්‍ය අරගෙනත් නැහැ. දානභාර ආරගෙනත් නැහැ. අවට වෙළදසැල්වලින් තමයි භාණ්ඩ අරගෙන තියෙන්නේ. වැඩිහිටි නිවාසයේ නේවාසිකයින් සදහා සමාජසේවා දේපාර්තමේන්තුවේ මැදිහත්විමෙන් සති දෙකකට අවශ්‍ය ආහාර ලබා දුන්නා. අපේ මට්ටමින් කළහැකි සියලු කටයුතු මෙම වැඩිහිටි නිවාසයේ නේවාසිකයින් වෙනුවෙන් ඉටුකරලා තියෙන්නේ යැයිද ඒ මහතා පවසයි.