නිවසේ මියගොස් සිටියදී හමුවූ කාන්තාවක කොරෝනා ආසාදිත බව අද (19) ලැබුණු පීසීආර් ප්‍රතිපල අනුව තහවුරු වූයේ යැයි කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල, ලබුදූව පදිංචි වයස අවුරුදු 70ක් වූ අවිවාහක කාන්තාවකි. ඊයේ (18) සිය නිවසේ මියගොස් සිටියදී සොයාගත් ඇගේ සිරුර කරාපිටිය රෝහලට ගෙන ඒමෙන් පසු සිදුකරන ලද පීසීආර් පරීක්ෂණයෙන් තහවුරු වී ඇත්තේ ඇය කොරෝනා ආසාදනය වී සිටි බවයි.
අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සිදුකළ කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සමාධි දන්දෙණියආරච්චි මහත්මිය විසින් ලබාදුන් වාර්තාවට අනුව එය හෘදයාබාධයක් හා කොවිඩ් - 19 ආසාදනය වීම හේතුවෙන් සිදුවූ මරණයක් බව ගොඩකන්ද හදිසි මරණ පරීක්ෂක තිලක් භාරත ද සිල්වා මහතා විසින් නිගමනය කළේය.
මෙම සිරුර සම්බන්ධ ආදාහන කටයුතු සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද වලට අනුකූලව අක්මීමණ, කුරුඳුවත්ත ආදාහනාගාරයේදී අද සවස සිදුකිරීමට නියමිතව තිබිණි.
සිරංගිකා ලොකුකරවිට