ගාල්ල බන්ධනාගාරයේ රැදවියන් තිදෙනෙකුට හා සිරදඩුවම් විදින අයෙකුට උණ හා උගුරේ ආසාදිත තත්වයක් ඇතිවිම නිසා වෛද්‍ය උපදෙස් මත එම සිව් දෙනා ස්වයං නිරෝධනයට ලක්කොට ඇති බැව් ගාල්ල බන්ධනාගාරයේ ප්‍රකාශකයකු සදහන් කළේය.
මෙකි රැදවියින් තිදෙනා හා සිරදඩුවම් විදිනු ලබන පුද්ගලයා උණ කැස්ස හා උගුරේ ආසාදිත තත්වයක් නිසා ප්‍රථිකාර සදහා කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන එනු ලැබිය.එහිදි වෛද්‍යවරුන් විසින් මොවුන් පරික්ෂා කොට බෙහෙත් ලබාදි ස්වයං නිරෝධානයට ලක්ව සිටින ලෙස උපදෙස් ලබාදි ඇත.
ඒ අනුව දෙදෙනෙකු බුස්ස නිරෝධායන මධ්‍යස්ථානයේ හා අනික් දෙදෙනා බලපිටිය සිරමැදිරියක ස්වයං නිරෝධානයට ලක්වෙමින් සිටින බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි. මින් රැදවියන් දෙදෙනෙකු බන්ධනාගාර ගතවි ඇත්තේ ඉකුත් 13 වැනිදා බවද පැවසේ.
ජිනේෂ් නානායක්කාර