ගාල්ල නව බන්ධනාගාරඅධිකාරි ධුරයට මොහාන්දාස් නිමල් ශාන්ත මහතා පත්විමත් සමග බන්ධනාගාරය තුල නිරන්තර සොදිසි මෙහෙයුම් කිරිමේ ප්‍රථිපලයක් වශයෙන් පසුගිය කාලය තුල දි රැදවියන් සතුව තිබු ජංගම දුරකථන 30ක් පමණ සොයාගැනිමට හැකිවු බව ගාල්ල බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.
එමෙන්ම බන්ධනාගාරය තුලට ඉතා සුක්ෂම ලෙස රැගෙන එමට උත්සාහ කළ ගංජා , දුම්කොළ ඇතුළු විෂ මත්ද්‍රව්‍යයද විශාල ප්‍රමාණයක් නිරන්තරයෙන් සිදුකරණ සොදිසි මෙහෙයුම්වල ප්‍රථිපලයක් වශයෙන් සොයාගැනිමට හැකිවු බවද බන්ධනාගාර අධිකාරි කාර්යාලය පෙන්වා දෙයි.
එක කණ්ඩායමක් එක දැක්මක් යන සංකල්පය බන්ධනාගාරය තුල ක්‍රියාත්මක කරමින් බන්ධනාගාරය තුල මේ වනවිට පරිපාලන වෙනස්කම් රැසක් සිදුකොට ඇත.
එමෙන්ම රැදවියන්ගේ සුභ සාධනය වෙනුවෙන්ද විශේෂ වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරමින් පවතින බවද බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි. බන්ධනාගාරය තුල කොවිඩි වසංගත තත්වය ඉතා සාර්ථක ලෙස පාලනය කොට ඇති අතර බන්ධනාගාරය ඉතා පිරිසිදු ස්ථානයක් බවට පත්කොට ඇත. පසුගියදා බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා හා එම අමාත්‍යංශයේ ලේකම්වරයා ගාල්ල බන්ධනාගාරය තුල නිරික්ෂණ චාරිකාවක නිරතවු අතර එහිදි බන්ධනාගාරයේ පිරිසිදුකම ගැන හා පරිපාලන කටයුතු පිළිබද ඔවුන්ගේ විශේෂ ඇගයිමට පවා ලක්විය.
ගාල්ල බන්ධනාගාරය තුල පරිපාලන වෙනස්කම් සිදුකරමින් දුෂිත නිලධාරින් හදුනාගෙන නව දැක්මක් යටතේ බන්ධනාගාරයේ කටයුතුකරගෙන යනවිට නව බන්ධනාගාර අධිකාරිවරයාට එරෙහිව අභුත චෝදනා නගමින් ඉතා සුළු පිරිසක් විසින් කුමන්ත්‍රණකාරි ලෙස කටයුතු කරමින් සිටින බවද බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.