වැලිසර නාවික හමුදා කඳවුරේ රාජකාරිකොට නිවෙස්වලට පැමිණි නාවික සෙබලුන් 08 දෙනෙකු පි.සි.ආර්. පරික්ෂණවලට ලක්කළ බවත් ඉන් කිසිඳු සෙබලෙකුට කොරෝනා ආසාදනය වි නොමැති බවත් තහවුරුවී ඇති බවත් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසයි.
මෙකී නාවික සෙබලුන් ගාල්ල දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි. මෙම නාවික සෙබලුන් වැලිසර නාවික හමුඳා කදවුරට අනුයුක්තව රාජකාරී කරන අතර ඔවුන් නිවාඩු ලබා නිවෙස්වලට පැමිණ සිටියහ.
නාවික කදවුරේ සෙබලුන් පිරිසකට කොරෝනා ආසාදනය වි ඇති බවට තහවුරුවිම නිසා මෙම සෙබලුන්ද පි.සි.ආර්. පරික්ෂණයට යොමු කිරිමට පියවරගත් බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.