වැලිසර නාවික කදවුරේ සිට නිවාඩු ලබා පැමිණ සිටි ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි නාවික සෙබලුන් 17 දෙනෙකු හා එක් නාවික සෙබලකුගේ ආසන්නතම පවුලේ සාමාජිකයින් සිව් දෙනෙකු පී.සී.ආර්. පරික්ෂණවලට ලක්කළ බවත් ඒ කිසිවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරු වි ඇති බවත් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.
මෙම පිරිස ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පී. සි.ආර්. පරික්ෂණවලට ලක්කළ බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා සදහන් කළේය. හෙතෙම මෙසේද කිවේය.
“කොරෝනා වෛරසය ආසාදනය වෙලා. අයි. ඩි.එච් රෝහලේ ප්‍රථිකාර ලබන නාවික සෙබලකුගේ පවුලේ සාමාජිකයින් 04 දෙනෙකු පී.සි.ආර්. පරික්ෂණවලට ලක්කළා. ඒ කිසිදු අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරු වුණා. ඇත්තටම පළමු පරික්ෂණය නෙගටිව් වුණා කියලා අපි නොමග යන්න හොඳ නැහැ. සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කළ යුතුයි. දෙවැනි පරික්ෂණය කරණ තෙක් නිරෝධායනය වි සිටිය යුතුයි.
ඇත්තටම මේ අවස්ථාවේ රජය හා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ලබාදෙන උපදෙස් අනුව ජනතාව කටයුතු කළයුතුයි. තවම කොරෝනා අවදානම පහවගොස් නැහැ. කොරෝනා වසංගතය පාලනය කිරිම සඳහා ජනතාව හොද සහයෝගයක් ලබා දුන්නා. එය අගය කළ යුතුයි. අවදානම් තත්වය තවම පහවගොස් නැති නිසා ඉදිරියටත් ජනතාව රජයේ හා සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව කටයුතු කළ යුතුයි.”