ගාල්ල කඩවත්සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරි වසම් 05ක සංචරණ සිමා ලිහිල් කිරිමටත් අනික් ග්‍රාම නිලධාරි වසම් 03තුන තුල දැඩි සංචරණ සිමා පැනවිමට අද (18) පස්වරුවේ රැස්වු ගාල්ල දිස්ත්‍රික් කොවිඩ් මෙහෙයුම් කමිටුව මගින් තින්දු කළ බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග පවසයි.
දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේගේ උපදෙස්මත ගාල්ල දිස්ත්‍රික් කොවිඩ් මෙහෙයුම් කමිටුව මගින් මෙම තින්දුව ගත් බවද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.
තලාපිටිය, කටුගොඩ හා මිලිද්දුව යන ග්‍රාම නිලධාරි වසම් සදහා තවදුරටත් දැඩි සංචරණ සිමා පැනවිමට මෙම රැස්විමේ දි තින්දුකළ බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පවසයි.දංගෙදර නැගෙනහිර, දෙද්දුගොඩ උතුර, දේද්දුගොඩ දකුණ, මකුළුව කොන්ගහ යන ග්‍රාම නිලධාරි වසම් සදහා සංචරණ සිමා ලිහිල් කිරිමට තින්දු කළ බවද හෙතෙම පවසයි. එමෙන්ම වැලිගම සෞඛ්‍ය නිලධාරි කොට්ඨාශයේ ග්‍රාම නිලධාරි වසම් 05ක් සදහා පනවා තිබු සංචරණ සිමා ලිහිල් කිරිමට තින්දු කළ බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සදහන් කළේය.
ජිනේෂ් නානායක්කාර