මත්ස්‍ය අස්වැන්න නෙලාගෙන විත් ගාල්ල ධිවර වරායේ බොට්ටුවල රැදි සිටින ධිවර කාර්මිකයින් ඇතුළු සියලු ධිවර කාර්මිකයින්ගේ පි.සි.ආර්. පරික්ෂණ අද (24) දින සිදුකරණ බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
පි. සි.ආර් පරික්ෂණ කිරිමෙන් පසු මොවුන් ස්වයං නිරෝධායන කටයුතු සදහා නිවෙස්වලට පිටත්කර යවන බවත් දින 12කට පසු නැවත වතාවක් සිදුකරණ පි. සි.ආර්. පරික්ෂණයෙන් පසු මෙකි ධිවර කාර්මිකයින්ට නිරෝධායන සහතික නිකුත් කරණ බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.
ගාල්ල ධිවර වරායේ ආශ්‍රිතයින් 09 දෙනෙකුගේ පි.සි.ආර්. පරික්ෂණ වාර්තා ලැබිමට නියමිතව තිබුණු බවත් එම පි.සි.ආර්.පරික්ෂණ වාර්තා අනුව ඉන් කිසිදු අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරුවි ඇති බවද ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි. ගාල්ල ධිවර වරායට සේවා සපයන මාළු රථ රියදුරන් ඇතුළු 05 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට ඊයේ තහවුරුවි තිබුණි.
මේ අතර ගාල්ල ධිවර වරාය භාවිතා කිරිමෙන් වැලකි සිටින ලෙස මහජනතාවගෙන් ඉල්ලිමක් කරණ බව පවසන ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා නාවික හමුදාව, ධිවර දෙපාර්තමේන්තුව එක්ව ගාලුධිවර වරායේ බෝට්ටු හා වරාය පරිශ්‍රය විෂබිජහරණය කිරිමට කටයුතු කරණ බවද හෙතෙම පවසයි.
ධිවර වරාය විෂබිජහරණයට ලක්කිරිමෙන් පසු දැනට බෝට්ටුවල තිබෙන මසුන් සිමිත පිරිසකගේ සහභාගිත්වයෙන් තොග වශයෙන් ලොරි රථ වලට පැටවිමට අවස්ථාව ලබාදෙන බවද ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා සදහන් කළේය. මේ අතර ගාල්ල ධිවර වරායේ නෙලාගෙන රැගෙන පැමිණ මසුන් කිලෝ ලක්ෂ 02ක් පමණ තිබෙන බව ගාල්ල ධිවර වරාය කමිටුවේ සභාපති පි. බි ගාමිණි මහතා පවසයි. ගාල්ල ධිවර වරාය වසාදැමිමට කිසිදු අදහසක් නොමැති අතර සෞඛ්‍ය උපදෙස් අනුව සාමාන්‍ය පරිදි කටයුතු පවත්වාගෙන යාමට කටයුතු කරණ බැව් ගාල්ල ධිවර වරායේ කළමණාකරු නෙරන්ජන දිසානායක මහතා පවසයි.