ගාල්ල ධීවර වරායේ ධීවරයන් ඇතුළු අනෙකුත් සේවකයන් සඳහා ගාල්ල මහ නගර සභා සෞඛ්‍ය අංශයේ මෙහෙයවීමෙන් පීසීආර් පරීක්ෂණ අද (22) පැවැත්වෙයි.
එම පරීක්ෂණ සඳහා ජෛව සාම්පල ලබාගැනීම අද උදෑසන ආරම්භ වූ බවත් අද දිනයේ ධීවර වරායේ සිටි 166 දෙනකුගේ ජෛව සාම්පල ලබාගත් ගත් බවත් ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
මේ අතර ගාල්ල ධීවර වරායට පිට ප්‍රදේශවලින් මාළු ගෙනයාමට පැමිණි ලොරි කිසිවකට අද ඇතුළුවීමට අවසර ලැබී තිබුණේ නැත. එම ලොරි රථ අද උදෑසන ධීවර වරාය ඉදිරිපිට මාර්ගයේ දක්නට ලැබිණි. එලෙස පැමිණි ධීවරයන් පිරිසක් ද පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කළ බව ධීවර වරායේ ප්‍රකාශකයකු කීවේය.
ධීවර වරායේ ධීවරයන්, ව්‍යාපාරිකයන් හා වීවිධ සේවා සපයන්නන්ගෙන් පීසීආර් පරීක්ෂණ සඳහා ලබාගන්නා ජෛව සාම්පල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත යොමුකරන බවත් එම ප්‍රතිඵල හෙට (23) ලැබෙනු ඇතැයි ද ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
සජීව විජේවීර