ගාල්ල ධිවර වරායේ ධිවර කාර්මිකයෙකු හදිසියේ රෝගිවි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇති බව ගාල්ල වරාය පොලිසිය පවසයි.
මොහු ගාල්ල ධිවර වරාය පරිශ්රය තුල සිටියදි පපුව රිදෙන බව පවසා ඇති අතර ඔහු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමට කටයුතු කර ඇති බව පොලිසිය පවසයි.
රෝහලේ හදිසි ප්රතිකාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියදි මොහු මියගොස් ඇති අතර පි.සි.ආර්. පරික්ෂණ සදහා මොහුගේ සිරුරෙන් සාම්පල් ලබාගෙන ඇති බවද පොලිසිය පවසයි. මියගිය ධිවර කාර්මිකයාගේ හදිසි මරණ පරික්ෂණය අද (24) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවැත්විමට නියමිතව තිබුණි.