පී.සී.ආර්. පරික්ෂණවලට ලක්වූ ගාල්ල දිස්ත්‍රික්කයේ ධීවර ප්‍රජාව ප්‍රතිඵල ලැබෙන තෙක් නිවෙස්වල රැදි සිටින ලෙස ඉල්ලිමක් කරන බවත් එසේ නොකළහොත් ඉදිරියේ දි භයානක තත්ත්වයක් ඇතිවීමට ඉඩ ඇති බවත් ගාල්ල දිස්ත්‍රික් ප්‍රදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.
පි.සි.ආර්. පරික්ෂණ ප්‍රතිපල ලැබීමට පෙර ධීවරයින් හත් අට දෙනෙකු ධීවර වරායන්වෙත ගොස් ඇති බවත් පී. සී.ආර්. පරික්ෂණවල ප්‍රතිඵල ලැබෙනවිට ඒ අය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බවද හෙතෙම පවසයි. මෙහි ප්‍රතිඵල තව සති දෙකකින් පමණ බලාගත හැකි බවද ඒ මහතා පවසයි.
“ගාල්ල දිස්ත්‍රික්කයේ ධSවර ක්ෂේත්රයට සම්බන්ද පුද්ගලයින් 2600ක් පසුගිය සතිදෙක තුළ පී.සී.ආර්. පරික්ෂණවලට ලක් කළා. ඉන් පී. සී.ආර්. පරික්ෂණ 2217ක වාර්තා ලැබිලා තියෙනවා. තවත් 362ක වාර්තා එන්න තියෙනවා. ලැබුණ වාර්තා වලින් 13 දෙනෙකුට වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවෙලා තියෙනවා.
ඉදිරිසති දෙක තුළ රත්ගම බලපිටිය ඉදුරුව හික්කඩුව හා අම්බලන්ගොඩ යන ප්‍රදේශවල ධීවර ප්‍රජාවේ 2000ක පමණ පී.සී.ආර්. පරික්ෂණ සිදුකිරිමට බලාපොරොත්තු වෙනවා. ගාල්ල දිස්ත්‍රික්කය කොරෝනා වසංගත තත්වය පාලනය කිරිමට හැකිවුණා කියා අපි විශ්වාස කරනවා.” යැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා සඳහන් කළේය.