ගාල්ල ධීවර වරාය ඇතුළු නගරය ආශ්රිත ධීවර ප්‍රජාවගෙන් පසුගිය සෙනසුරාදා (24) ලබාගත් ජෛව සාම්පල 726ක් සඳහා කරන ලද පීසීආර් පරීක්ෂණවල වාර්තා 546ක ප්‍රථිපල අද (27) වනවිට ලැබී තිබූ අතර කිසිදු පුද්ගලයකු ආසාදිත වී නැතැයි එම වාර්තාවලින් තහවුරු වී තිබේ.
සැක සහිත බැවින් නැවත පරීක්ෂා කළ වාර්තා අටෙහි ප්‍රථිපලද සෘනාත්මක බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සඳහන් කරයි.
තවත් පීසීආර් පරීක්ෂණ වාර්තා 180ක ප්‍රථිපල ලැබීමට නියමිතව ඇත.
ගාල්ල සිරංගිකා ලොකුකරවිට