ගාල්ල දිස්ත්‍රික්කයෙන් අද (29) දහවල් වනවිට අලුතින් කොරෝනා ආසාදිතයන් 14 දෙනකු වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි.
මේ අතරින් 12 දෙනකු ම වාර්තා වී ඇත්තේ බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි.
කොළඹ සිට පැමිණි බැංකු සේවකයකු සහභාගී වූ මළ ගෙදර සිටි තවත් පුද්ගලයකු ද මේ පිරිස අතර සිටින බව සෞඛ්‍ය අංශ පැවසීය. එම මළ ගෙදර ආශ්‍රිතව කොරෝනා පොකුරක් නිර්මාණය වනු ඇත්ද යන්න පිළිබඳ සෞඛ්‍ය අංශ දැඩි අවධානයෙන් සිටියි.
අනෙක් ආසාදිතයන් වාර්තා වී ඇත්තේ ගිංතොට වැලිපිටිමෝදරින් 06 දෙනකු සහ මහ හපුගලින් 05 දෙනකු වශයෙනි.
මීට අමතරව රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි මීට පෙර ආසාදිත බව හඳුනාගත් බස් කොන්දොස්තරවරයාගේ බිරිඳ ද ආසාදිත බව අද (29) ලැබුණු පීසීආර් වාර්තාවකින් තහවුරු වී තිබේ.
අනෙක් ආසාදිතයා වාර්තා වී ඇත්තේ හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි.
මේ ආසාදිතයන් 14 දෙනා වාර්තාවීමත් සමඟ ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (29) සවස් වනවිට 506 දක්වා ඉහළ ගොස් තිබේ.
ගාල්ල සිරංගිකා ලොකුකරවිට