ගාල්ල දිස්ත්‍රික්කය සදහා කොරෝනා මෙහෙයුම් සම්බන්ධිකරණ කාර්යාලයක් දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ශ්‍රවනාගාරය තුල ස්ථාපිත කිරිමට කටයුතු කරණ බැව් දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ මහතා පවසයි.
මෙකි මෙහෙයුම් මධ්‍යස්ථාන හෙට (26) දින ආරම්භ කිරිමට කටයුතු කරණ බවද හෙතෙම පවසයි. කොරෝනා වසංගතය සම්බන්ධ තොරතුරු ලබාගැනිම හා අවශ්‍ය සේවා සැපයිම මෙම කාර්යාලය මගින් සිදුකිරිමට බලාපොරොත්තුවන බවද දකුණු පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කළේය.
පොලිසිය හා ත්‍රිවිධ හමුදාවේ නියෝජිතයින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා සෞඛ්‍ය අංශවල නියෝජිතයින් එක්අයකු බැගින් මෙකි සම්බන්ධිකරණ කාර්යාලයේ මෙහෙයුම් කටයුතු සදහා පත්කිරිම නියමිතව ඇති බවද දකුණු පළාත් ආණ්ඩුකාරවරයා පවසයි.
මේ පිළිබද අදහස් දක්වමින් දකුණු පළාත් ආණ්ඩුකාරවරයා මෙසේද කිවේය,
ගාල්ල දිස්ත්‍රික්කය සදහා තමයි පළමුවරට මෙම මධ්‍යස්ථානය ආරම්භ කරන්නේ. කොරෝනා වසංගතය පාලනය කිරිම සදහා පළාත් සභාව මගින් කළයුතු සේවාවන් ඉටු කිරිම. සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ හා අනිකුත් අංශ සම්බන්ධිකරණය කොට තොරතුරු එකරාශිකිරිමට බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙවෙයි නිරෝධායනය වන අයගේ තොරතුරු ඔවුන්ගේ ගැටලු සොයාබැලිම කොරෝනා සදහා පිහිටුවා ඇති කොළඹ මධ්‍යස්ථානය සමග සම්බන්ධ වෙලා කටයුතු කිරිමට බලාපොරොත්තු වෙනවා. ජනතාවටත් තමන්ගේ ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ සදහා සදුදා දින විශේෂ අංකයක් ලබාදිමට කටයුතු කරනවා යැයිද දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ මහතා සදහන් කළේය.