නව පාසල් වාරය ආරම්භ වි ඊයේ (26) දිනය වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 26ක ඉගෙනුම ලබන සිසු දරු දැරියන් 43 දෙනෙකුට කෙරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
මේ අතුරින් ජනවාරි 13 සිට 26 දක්වා ගතවු දින 14 ක කාලය තුල පාසල් දරු දැරියන් 38 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවද ඒ මහතා පවසයි.
වැඩිම කොරෝනා ආසාදිත සිසු දරු දැරියන් පිරිසක් වාර්තාවන්නේ බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් බව සදහන් කළ ඒ මහතා එම සංඛ්‍යාව 17ක් බවද හෙතෙම පෙන්වා දෙයි. එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ පාසල් 05කින් මෙම ආසාදිත දරු දැරියන් වාර්තා වි ඇත. ගිංතොට ප්‍රදේශයේ පාසලක සිසු දරු දැරියන් 12 නෙකුට කොරෝනා වෛරසය අසාදනය වි ඇති බවද හෙතෙම පවසයි. ගාල්ල දිස්ත්‍රික්කයේ ආසාදනය වි ඇති මෙකි සිසු දරු දැරියන්ගේ මව හා පියා ආසාදනය විම නිසා දරුවන් පළමුපෙළ ආශ්‍රිතයින් වු අය බව පවසන ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා මෙම දරු දැරියන් නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටි අය බවද හෙතෙම පෙන්වා දෙයි.
බලපිටිය සෞඛය වෛද්‍ය නිලධාරි කොට්ඨායෙන් පාසල් දරු දැරියන් 04කු අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨා’ශයෙන් 01 අයෙකු බොපේ පොද්දලින් 17නෙකු,. බෙන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් 01 අයෙකු, හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් 03නෙකු, හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් 02නෙකු ඉමදුව හා කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාශ දෙකෙන් සිසු දරු දැරියන් 01 බැගින් වාර්තා වි ඇත. ගාල්ල මහනගර සභා බලප්‍රදේශයෙන් 05 නෙකු, නෙළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් 04 දෙනෙකු, රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් 02නෙකු සහ උඩුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් 02නෙකු වාර්තා වි ඇත. ගාල්ල නගරයේ පිහිටි බාලිකා පාසලක ගුරුවරියකටද කොරෝනා වෛරසය ආසාදනය වි ඇති අතර කොරෝනා ආසාදිත සිසු දරු දැරියන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස සිසු දරුවන් 38 දෙනෙකු හා ගුරුවරුන් 13 දෙනෙකු හදුනාගෙන ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.