ගාල්ල දිස්ත්‍රික්කයේ ධීවර කාර්මිකයින් අවම වශයෙන් එක් පි.සිආර් පරීක්ෂණයකට හෝ අනිවාර්යෙන්ම ලක් විය යුතු බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුවකේ සිංගාරච්චි මහතා පවසයි .
ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම්සෞඛ්ය අංශ මඟින් සලසා ඇති බව ද හෙතෙම පවසයි .
එසේ පි. සි. ආර් පරීක්ෂණවලට ලක් නොවන ධීවර කාර්මිකයින් ධීවර වරායන් තුළට ඇතුළු වීම නුසුදුසු බවට තමන් නිර්දේශ කරන බව ද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පෙන්වා දෙයි.
පි සි ආර් පරීක්ෂණ කර ගැනීමට නොහැකි වූ ධීවර කාර්මිකයින් සඳහා පි.සි.ආර් පරික්ෂණ කර ගැනිමට ගාල්ල ධිවර වරාය තුල නිත්‍ය සෞඛ්‍ය කණ්ඩායමක් දින පහක කාලයක් රඳවා තැබීමට කටයුතු කරන බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි .
පි සි ආර් පරික්ෂණ පැවැත්විමේදි ධීවර ප්‍රජාව සඳහා ප්‍රමුඛතාවය ලබා දී ඇති බව පවසන ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා ඇතැම් ධීවර ප්‍රජාව එම අවස්ථාවෙන් ප්‍රයෝජන නොගන්නා බවද හෙතෙම පෙන්වා දෙයි.
ඉදිරියේ දී ධීවර සංගම් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගෙන් ධීවර කාර්මිකයින් ගේ තොරතුරු ලබාගෙන පි සි ආර් පරීක්ෂණ වලට ලක්නොවු ධීවර කාර්මිකයින් සඳහා පි සි ආර් පරීක්ෂණ සිදු කිරීමට කටයුතු කරන බව ද හෙතෙම පවසයි .
මේ වන විට ගාල්ල රත්ගම වැල්ලදොඩන්දූව ඡාකොටුවැල්ල හික්කඩුව යන ස්ථාන වල ධීවර ප්‍රජාව ගේ දෙවැනි පි සි ආර් පරීක්ෂණ සිදු කොට ඇති බව ද ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.