කොළඹ නැව්තථාංගන හා පැලියගොඩ මත්ස්‍ය වෙළද පොළේ කොරෝනා පොකුරු නිසා ගාල්ල දිස්ත්‍රික්කය තුල මේ වනතෙක් කොරෝනා ආසාදිතයින් 43 දෙනෙකු වාර්තා වි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
කොළඹ නැව්තථාංගන පොකුරු නිසා බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුල මේ වන තෙක් කොරෝනා ආසාදනය වු රෝගින් 32 දෙනෙකු හදුනාගෙන ඇති බවත් ඉතිරි රෝගින් 11 දෙනා පැලියගොඩ මත්ස්‍ය වෙළද පොළේ කොරෝනා පොකුරෙන් ආසාදනය වු ආශ්‍රිතයින් බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.
තත්කාලින පි. සි.අර් පරික්ෂණ වාර්තාවල දත්ත අනුව මේ වනතෙක් ගාල්ල දිස්ත්‍රික්කය තුල කොරෝනා වෛරසය සමාජගතවිමේ තත්ත්වයක් දක්නට නොමැති බවද පවසයි.
මේ පිළිබද අදහස් දක්වමින් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යා වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා මෙසේද කිවේය,
බලපිටිය කටුවිල ගම්මානයේ පසුගිය 24 වැනිදින පි. සි.ආර්. පරික්ෂණ 582ක් කළා. ඉන් 362 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරු වුනා. පනස් දෙනෙකුගේ පි. සි.ආර් ප්‍රතිපල එන්න තියෙනවා . තවත් පි.සි.ආර් පරික්ෂණ 175ක් කරන්න තියෙනවා.
මේ වනතෙක් ඇල්පිටිය 01 අයෙකු, කරන්දෙණියේ 01එක් අයෙකු ඉදුරුවේ රෝගින් 02 නෙකු රත්ගම 04 දෙනෙකු ගාල්ල මහ නගර සභා බලප්‍රදේශය තුල රෝගින් 04 නෙකු බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුල 32 වාර්තා වි තියෙනවා.
මත්ස්‍ය වෙළදපොළේ හා කොළඹ නැව්තථාංගන කොරෝනා පොකුරේ ආශ්‍රිතයින්ගෙන් තමයි මේ අයට කොරෝනා වෛරසය ආසාදනය වෙලා තියෙන්නේ. පි.සි.ආර්. පරික්ෂණ දත්ත අනුව ප්‍රජාව අතුරින් කිසිදු ආශ්‍රිතයෙකු හමුවෙලා නැහැ. මෙකි පොකුරුවල ආශ්‍රිතයින්ගෙන් තමයි අනික් අය ආසාදනය වෙලා තියෙන්නේ. සමාජය තුල පැතිරි ඇතැයි කියා පවතින නිගමනය වැරදියි. ආසාදිතයකු සමග ගැටුණු ආශ්රිතයකුට මෙම රෝගය වැළදිලා තියෙන්නේ යැයිද ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.