ගාල්ල නාගරික බල ප්‍රදේශයේ සිමා සහිත සංචරණ සිමා පනවා ඇති ග්රාමනිලධාරිවසම් වලින් තවත් කොරෝනා අසාදිත රෝගින් 08 දෙනෙකු අද (07) දින වාර්තාවිමත් සමග එම ග්‍රාම නිලධාරිවසම් 05ට අමතරව කොන්ගහ ග්‍රාම නිලධාරිවසම ද ඇතුළුව දැනට පනවා ඇති සිමා සහිත සංචරණ සිමා දැඩි කිරිමට නිර්දේශ කරණ බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
මෙකී ග්‍රාම නිලධාරි වසම් 05 ආවරණය වන පරිදි ඊයේ (06දා) පී.සී.ආර්. පරික්ෂණ 1056ක් සිදුකළ අතර එම පරික්ෂණවලට අනුව කොරෝනා ආසාදිත රෝගින් 08 දෙනෙකු වාර්තා වි ඇති බවද ඒ මහතා පවසයි. පිරිමි 07 දෙනෙකු හා කාන්තාවකට කොරෝනා ආසාදනය වි ඇති අතර එම පිරිමි පුද්ගලයින් 07 දෙනා හම්බන්තොට රෝහල වෙත හා කාන්තාව කඹුරුගමුව රෝහල වෙත පිටත්කරයැවිමට කටයුතු කළ බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.
පසුගිය දින 04ක කාලය තුල මෙකි ග්‍රාම නිලධාරිවසම්වලින් කොරෝනා ආසාදිත රෝගින් 21 දෙනෙකු හමුවි ඇති බව පවසන ඒ මහතා ඒ නිසා ඇත්තිලිගොඩ දකුණ,මකුළුව, දෙද්දුගොඩ,උතුර, තලාපිටිය හා මිලිද්දුව හා කොන්ගහ යන ග්‍රාම නිලධාරිවසම්වල සංචාරණ සිමා දැඩිකළ යුතු බවද පවසයි.මේ පිළිබද දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ මහතා සහ ගාල්ල දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා ඇතුළු ඉහල සෞඛ්‍ය බලධාරින් වෙත දැනුම් දි ඇති බවද හෙතෙම පවසයි.
09 වැනිදින මෙකි ග්‍රාම නිලධාරිවසම් 06 ආවරණය පරිදි පී.සී.ආර්. පරික්ෂණ 1500ක් කිරිම සදහා සැලසුම්කොට ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.