ගාල්ල මාගාල්ලේ පිහිටි කොහු නිෂ්පාදන කර්මාන්තශාලාවක සේවකයන් 04 දෙනකුටද කොවිඩ් 19 ආසාදනය වී ඇති බව දකුණු පළාත් කොවිඩ් 19 මෙහෙයුම් මධ්‍යස්ථානය කියයි.
මේ 04 දෙනා සමග ඊයේ (31) දිනයේ දී දකුණු පළාතෙන් කොවිඩ් 19 ආසාදිතයින් 06 දෙනකු වාර්තාවූ බවත් එම මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පැවසීය.
කොහු නිෂ්පාදන කර්මාන්තශාලාවේ සේවකයන් 04 දෙනා අක්මීමන, පොද්දල, ඉමදුව සහ වැලිගම යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
වාර්තා වූ ඉතිරි දෙදෙනා දික්වැල්ල සහ බලපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.