ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ 56 වාට්ටුවේ නේවාසිකව ප්‍රථිකාර ලැබු රෝගියකු ළග සාත්තුවට සිටි කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු විමෙන් පසු 56 වාට්ටුවට අලුත් රෝගින් ඇතුලත් කරගැනිම තාවකාලිකව නතරකොට ඇති බැව් කරාපිටිය ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා නිශානි උඹේසේකර මහත්මිය සදහන් කළාය.
වාට්ටුව වසා දැමිමක් සිදුකොට නොමැති බව පවසන නියෝජ්‍ය අධ්‍යක්ෂකවරිය 56 වාට්ටුවට ඇතුලත් කරගන්නා නව රෝගින් වෙනත් වාට්ටුවකට ඇතුලත් කරගන්නා බවද පැවසුවාය.
කොරෝනා වෛරසය ආසාදනය වු කාන්තාවගේ සැමියා මෙකි වාට්ටුවේ ප්‍රථිකාර ලබන බවත් ඔහු ඇන්ටිජන් පරික්ෂණයකට ලක්කළ බවද එම පරික්ෂණයේ දි ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරුවි ඇති බවද නියෝජ්‍ය අධ්යක්ෂකවරයි සදහන් කළාය.
මේ පිළිබද අදහස් දක්වමින් ඇය මෙසේද කිවාය.
දැනට තාවකාලික පියවරක් ලෙස මෙම වාට්ටුව රෝගින් බැලිමට යන එන අය නතර කරලා තියෙනවා. අලුත් රෝගින් මෙම වාට්ටුවට ඇතුලත් කරගන්නේ නැහැ. රෝහලේ වෙනත් වාට්ටුවකට ඇතුලත් කරගන්නවා. වාට්ටුව විෂබිජහරණය කිරිමට කටයුතු කළා. රෝහලේ තියෙන කමිටුව රැස්වෙලා ඒ මගින් තමයි ඉදිරියේ කළයුතු දේවල් පිළිබද තින්දු ගන්නේ යැයිද නියෝජ්‍ය අධ්‍යක්ෂකවරිය පැවසුවාය.
.