හක්මන-වලස්මුල්ල ප්‍රධාන මාර්ගයේ දෙනගම ප්‍රදේශයේදි අද (25) අලුයම වලස්මුල්ල මූලික රෝහලට අයත් ගිලන් රථයක් තාප්පයක ගැටිමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් සෞඛ්‍ය සේවකයින් හතර දෙනෙකු තුවාල ලබා වලස්මුල්ල මූලික රොහල්ට අතුලත් කර තිබෙනවා.
අනතුරෙන් තුවාල ලබූ සෞඛ්‍ය සේවකයින් රෝහල් ගතකරන අවස්ථාවේදි සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවේදී එක් සේවකයෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදිත බවට හදුනාගෙන ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේය.
කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රෝගීන් රැගෙන ගොස් ආපසු වලස්මුල්ල මූලික රෝහල වෙත පැමිණෙමින් සිටියදි අද අලුයම 1.30 ට පමණ අනතුර සිදුව තිබෙනවා.
රියදුරුට නින්දයාම නිසා ගිලන් රථය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ යකඩ වැටක්ද කඩාගෙන ගොස් තාප්පයක ගැටිමෙන් අනතුර සිදුව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.