ගල්කිස්සේ සිට අඟුලාන දක්වා වෙරළ තීරය සහ ඛාදනයට ලක් වී ඇති කළු ගං මුව දොරෙහි වැලි වැටිය ස්ථායි කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව යාන්ත්‍රික වැලි පෝෂණ විධික්රමය භාවිතා කරමින් ගල්කිස්සේ සිට අඟුලාන දක්වා වෙරළ තීරය ස්ථායි කිරීම සහ මෑතදී ඇති වූ ගංවතුර නිසා ඛාදනයට ලක් වූ කළු ගං මුව දොරෙහි වැලි වැටිය මේ හරහා නැවත ස්ථායි කිරීමට නියමිතය.
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.