කෙටි රාජකාරි කටයුත්තකට ඕස්ට්‍රේලියාවට පැමිණි තමන්ට ද ශ්‍රි ලංකාවට පැමිණීමට නොහැකිව ඔස්ට්‍රේලියාවේ සිටියත් ශ්‍රී ලංකාවේ පීඩාවට පත්ව සිටින ජනතාවට ඔස්ට්‍රේලියාවේ සිට තමන්ට කළ හැකි උපකාරයක් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ බව ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක තිලකරත්න දිල්ශාන් මහතා ඔස්ට්‍රේලියාවේ සිට පැවසීය.
තිලකරත්න මහතා පැවසුවේ මේ වන විට කොයිඩ් 19 හෙවත් කොරෝනා වෛරස තත්ත්වය වෙනුවෙන් පීඩාවට පත්වී ආදායම් අහිමි ව සිටින ගාලු දිසාවේ ජනතාවට සහල් සලාකයක් ලබාදීමට රුපියල් ලක්ෂ 40 ක සහල් බෙන්තොට රැගෙන ඒමට කටයුතු කළ බවත් , සිය සමාජ සත්කාර පදනම් ගොඩනැගිල්ලේ සිට ඇඳිරි නීතිය ඉවත් කළ අද (21) දින සිට බෙදා හැරීමට අවශ්‍ය කටයුතු සලසා ඇති බවත් පැවසීය.
තිලකරත්න දිල්ශාන් මහතා සඳහන් කළේ කොයිඩ් 19 හේතුවෙන් පමණක් නොව ඕනෑම අවස්ථාවක අසරණ ජනතාවට පිහිට වීමට තම පුද්ගලික ධනය රට වෙනුවෙන් වැය කිරීමට ඇප කැප වන බව යි.
තිලකරත්න දිල්ශාන් මහතා වෙනුවෙන් මෙම සද්කාර්ය භාෂා පරිවර්තකයකු වන බෙන්තොට පී.එස් රත්නසිරි මහතා ඇතුළු කාර්ය මණ්ඩලය අද (21) දින මෙම සහල් තොග ජනතාවට බෙදා හැරීමට පහසු වන ආකාරයෙන් බෑග්වලට ඇසිරීම සිදුකිරිම දක්නට ලැබුණි.
අලුත්ගම තුසිත කුමාර