පවතින ඇදිරි නීතිය තත්ත්වය යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව වෙත අත්‍යවශ්‍ය ආහාර ලබාදීමේ විශේෂ වැඩසටහනක් මේ වන විටත් ආරම්භ කොට ඇති බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.
.දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ මහතාගේ උපදෙස් පරිදි ,මෙම වැඩසටහන සඳහා අවශ්‍ය මෙහෙයවීම දිස්ත්‍රික් ලේකම්වරයාගේ,අධීක්ෂණය යටතේ ,සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගයෙන් ක්‍රියාත්මක කෙරේ.
ඇදිරි නීතිය බලපවත්වන කාලසීමාව තුළදී,විශේෂ අවසර පත්‍රයක් ප්‍රාදේශීය ලේකම්වරුන් වෙතින් නිකුත් කෙරෙන අතර, එමගින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ග්‍රාමීය මට්ටමින් රථවාහන මගින් බෙදා හැරීමට, වෙළෙන්දන්ට අවස්ථාව හිමිවේ.
මේ පිළිබඳ දිස්ත්‍රික්කයේ සියලුම වෙළඳ සංගම් දැනුවත් කර ඇත. එමෙන්ම තොග වශයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ කොළඹ සිට ප්‍රවාහනය කිරීමට අවශ්‍ය අවසර පත්ද, එළවලු ආදිය තොග වශයෙන් රැගෙන ඒම සඳහා අවශ්‍ය අවසර පත් ද ප්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගයෙන් නිකුත් කිරීම සිදු වන බවයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදනපතිරණ මහතා සඳහන් කළේ.